Home/Songs/රෝස මලෙක කටු ඇණුනා

රෝස මලෙක කටු ඇණුනා

Rosa Malaka Katu

Font size:
රෝස මලෙක කටු ඇණුනා
හද පතුලෙන් ලේ ගැලුවා
මගේ පෙති මත ලේ හැලුනා
මල රතු පාටින් දිලුනා...

රෝස මලට නෑ දැනුනේ
මලේ සිනා රැවු නැගුනේ...

රෝස මලෙක කටු ඇණුනා
නෙතගින් කඳුලක් වැටුනා
මල් පෙති මත එය රැඳුනා
පිණි බිඳුවක් වි දුලුනා...

රෝස මලට නෑ දැනුනේ
මලේ සිනා රැවු නැගුනේ...

හිරු අවරට ගොස් දිලුනා
රෝස මලේ පෙති හැළුනා
දුටු හදවත දුක පිරුනා
මල මත පරවී වැටුනා...

රෝස මලට නෑ දැනුනේ
හදවත පෙම් කල අරුමේ...//

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.