Home/Songs/සත්තයි ඔයා

සත්තයි ඔයා

Saththai Oya

Music: අශාන් ශෂික Lyrics: ඩිලාන් ගමගේ
Font size:
මං විතරද ආදරේ කළේ
ඔබ නැතිවද මට පෙම් කළේ
මගේ බොළඳ ප්‍රේමේ කිළුටක් නොවේවා
ඔබ ආයේ මට ලැබේවා
(සත්තයි ඔයා නොලැබෙනවා කියා
දැන උන්නා නම් ළං නොවෙමි සදා......//)

මහ තනිකමක් මේ හදවත සරන්නේ
මට මාව අතපසු වෙලා
මොන කරුමයද මේ පඩිසන් දෙවන්නේ
මං ඔබට ඇබිබැහි වෙලා
මගේ බොළඳ ප්‍රේමේ කිළුටක් නොවේවා
ඔබ ආයේ මට ලැබේවා........

(සත්තයි ඔයා නොලැබෙනවා කියා
දැන උන්නා නම් ළං නොවෙමි සදා......//)

මං වගේ කෙනෙක් නෑ ආයෙත් ලැබෙන්නේ
පසුතැවෙයි දවසක ඔයා
තාමත් කැදැල්ලේ දොරගුළු විවරණේ
මං ඔබට ඇබ්බැහි වෙලා
මගේ බොළඳ ප්‍රේමේ කිළුටක් නොවේවා
ඔබ ආයේ මට ලැබේවා........

මං විතරද.......
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.