Home/Songs/අපි යන්ට යමු

අපි යන්ට යමු

Api Yanta Yamu

Lyrics: ආනන්ද එස් විජයසිරි
Font size:
අපි යන්ට යමු අපි යන්ට යමූ
දෙව්ලෝකෙ දිහා විගසින්
බොල බූරු පුතේ බොල බූරු පුතේ
දුක සෝකා ඉතින් ඉවසන්...//

නදු නයනා සුව දෙවනා සුර විමනා සතපමි මා//
දුක ඉවසා බර උසුලා යමු විගසා එම පෙදෙසා...//

රස කෑමෙන් සහ බීමෙන් සිතු අටියෙන් සැනසීයන්//
නුඹ සිතනා නුඹ පතනා සැප සැක නෑ එහි ලැබෙනා...//

තව යොදුනා යමු ඉතිනා නොඅලසිනා යන ගමනා//
සුර විමනා නෙත ගැටෙනා තුරු දුකිනා හද දැවෙනා...//

යන්ට යමු අපි යන්ට යමූ
දෙව්ලෝකෙ දිහා විගසින්
බොල බූරු පුතේ බොල බූරු පුතේ..
දුක සෝකා ඉතින් ඉවසන්...///
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.