Font size:
ඇස් කතා කල පැයේ රහසේ හිත හොරා ලං උනේ උමුතුවෙන් මෙන් හදේ පෙම් හැඟුම් බෝ කලේ සෙනෙහසේ රැඳී සුවේ පපුවට මහමෙරක් වගේ දැනේ තරු දෙනෙත් ලං වෙලා මේ හිතින් ඇල්ලුවේ නැතුව බෑ මට ඔයා සෙනේහේ ගොඩගලනවා මට දුරින් ඉන්න බෑ ඔබව නැතුව ඇස් ඔයා හොයනවා රෑට සිහිනෙන් පවා රුව මැවී පේනවා ඔබේ සෙනේ ගන්න මා වින්ද ගින්න මතකයේ තියෙනවා මේ පාලු හිත් තීරේ කඳුලින් වෑහෙනා සංකාවත් වියැකිලා ඔබ හින්දා හිනැහිලා පැතු දෑතේ වෙලිලා මා දුර ඈතට පියඹලා ඔබ මා හට හිමිවෙලා ආදරෙයි නැතුව බෑ මට ....... ඔබ මගේ වී මෙදා ආදරෙන් ලං වෙලා ජීවිතේ අරුත මට කියා දුන්න ආදරී මගේ ඔයා උනුහුමේ තනි වෙලා වේදනා කැටි කළා මගේ වෙලා ඉන්න හැම සසරකදිම ආදරී මගේ ඔයා නැතුව බෑ මට .......