Home/Songs/කඳු රැල්ලෙන් එහා ගමට

කඳු රැල්ලෙන් එහා ගමට

Kandu Rallen Eha Gamata

Lyrics: දයා ද අල්විස්
Font size:
කඳු රැල්ලෙන් එහා ගමට 
ඔබ කැඳවා ගිය මාවත
කඳුළැල්ලෙන් වැසී ගියා
කඳුළැල්ලෙන් වැසී ගියා

එහා ගමේ රත්තරනින්
මංගල මධු සඳ පායා
මගෙ කුටියේ තනි යහනේ
ඒ මධු සඳ දැවී ගියා

කඳුරැල්ලෙන් එහා ලොවට
සිතක සුසුම් පාවෙනවා
එතැන සුවඳ මෙහි එනවා
මෙතැන සුවඳ එහි යනවා
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.