Font size:
අර සඳ පළුවෙන් නුඹව පෙනෙයි පාළු සිතේ විඩා නිවෙයි මේ සුවිසල් පුර තනිව ඉන්නට මට ඔය සිත සවිය ගෙනෙයි // තුරු හිස සිඹ සිඹ වැද මද නළ මුමුණන විට ගී සවනට // අපි ඇල් හේනේ පැල් මැස්සේ ගැයූ ගීත එයි සිහියට හිත වාවනු බැරි වී එන්නට හිතුනත් ආපසු ගම රට හෙට අදට වඩා හොඳ වේ යැයි කොඳුරයි රහසින් යටි හිත අර සඳ පළුවෙන් නුඹව පෙනෙයි... අග හිඟ මාලය ගෙල ළාගෙන දුක විඳින්න බැරි හින්දම // මට වෙස්සන්තර රජු වාගේ දරු දන්දෙනු බැරි හින්දම පෙර සෙනෙහෙ සිතින් අපි දෙන්නා උන් හැටි සිහියට අරගෙන හොඳ පරිස්සමින් මං එනතුරු ඉන්නවා නේද මගෙ රන් කඳ අර සඳ පළුවෙන් නුඹව පෙනෙයි..
Singers
Data
Last updated May 2026