Home/Songs/ඔබේ රළු පරළු ආදරේ

ඔබේ රළු පරළු ආදරේ

Obe Ralu Paralu Adare

Music: තිලිණ රුහුණගේ Lyrics: නිරූපා ද සිල්වා
Font size:
ඔබේ රළු පරළු ආදරේ දැනේ සේ සාගරේ //
අහස සමුදුරු එක්ව සරසන රුසිරු සිතිජය මගේ
ලබැදි ඔබේ ආදරේ
මේ තරම් ඇයි මේ මං ආදරේ //

සිනාසෙන මගේ ඇස් බලා කඳුළ මට තහනම් කලා
හඞන්නම් මා ඕනෑ වුනත් ම සිනාසෙමි ඔබ දෙස බලා
කඳුළු නැති ආදරේ දැනේ සේ සාගරේ
මේ තරම් ඇයි මේ මං ආදරේ 

කවි ලියන මගේ හිත පුරා කවිනි නිති මට දුන් ඔයා
දිනෙන් දින මට සිහින ලංකර ජීවිතේ කවියක් කළා
කවි ලියන ආදරේ හවස අහසක් වගේ
මේ තරම් ඇයි මේ මං ආදරේ

ඔබේ රළු පරළු ආදරේ ........

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.