Home/Songs/ඔබේ සිනා විකසිත වේවා

ඔබේ සිනා විකසිත වේවා

Obe Sina Wikasitha Wewa

Music: ප්‍රේමසිරි කේමදාස Lyrics: කුලරත්න අරියවංස
Font size:
ඔබේ සිනා - විකසිත වේවා
විකසිත වේවා

නිවා පහන් ටැඹ ප්‍රාර්ථනාවේ 
හලා පැතුම් මල් මගේ ලොවේ
මා හැර ඔබ යන නැවුමි ලොවේ
ඔබේ සිනා - විකසිත වේවා

අපේ නිසංසල පෙම් කඳුරැල්ලෙන් 
වළා රොදක් සේ ඈතට පාවී
ඔහු පා සෙවණට ඔබ යන ගමනේ
සුසුම් තැවුල් - ඔබට නොවේවා

ඔබේ අහිංසක නෙත් ගඟුලැල්ලෙන්
ගලා හැලෙන මුදු හසරැල් දහරෙන්
දැවටී සෙනෙහස ඔහු අද සෙවණේ 
නැවුම් පැතුමි- පියුම් පිපේවා


Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.