Home/Songs/කිරි මූද කළඹාලා

කිරි මූද කළඹාලා

Kiri Muda Kalabala

Font size:
කිරි මූද කළඹාලා ගෙනා මගේ කුඩා පුතුටයි 
මුතු මාළිගාවෙන් මා ගෙනා මගේ කුඩා පුතුටයි
කිරි මූද කළඹාලා ගෙනා මගේ කුඩා පුතුටයි 
මුතු මාළිගාවෙන් මා ගෙනා පැතුම් මගේ පුතුටයි

ගීතයයි මලයි සිහින ලෝකයයි 
රන් තරුයි සඳයි පුතේ ඔබේ තමයි 
සිහිනෙකින් ඔබේ දෙතොල් සැලෙයි ඉබේ 
තරු මෙන් ගුවන් ගැබේ දිලෙයි දෙනෙත් ඔබේ

කිරි මූද කළඹාලා ගෙනා මගේ කුඩා පුතුටයි 
මුතු මාළිගාවෙන් මා ගෙනා පැතුම් මගේ පුතුටයි

තාත්තගේ සිතේ පැතුම් පිරි ඇතේ 
අම්මගේ සිතේ සෙනෙහෙ පිරී ඇතේ 
ඔබේ කුඩා නෙතේ කැළුම් බැලුම් පුතේ 
සදා අපේ සිතේ රැඳී තිබෙයි පුතේ 

කිරි මූද කළඹාලා ගෙනා මගේ කුඩා පුතුටයි 
මුතු මාළිගාවෙන් මා ගෙනා පැතුම් මගේ පුතුටයි
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.