Home/Songs/කිරි උතුරන ලංකා

කිරි උතුරන ලංකා

Kiri Uthurana Lanka

Font size:
කිරි උතුරන ලංකා
සිරි පැතිරෙන ලංකා
කෙත්වතු සරු වූ මුලු ලෝ ජයබිම
ඔබයි අපේ ලංකා...

ආගම ජනහද ආදිය මහජන
දියුණුව නිසි සලසා
ප්‍රජා මණ්ඩලය සම්පකාර මල්
රටවැසියන් සනසා

කිරි උතුරන ලංකා...

ලක්ෂපාන ජල විදුලිය බලයෙන්
ඔබ බබලයි රුවටා
මහවැලි කටයුතු අවසන් වූදා
ජය හඬ දෙයි ලංකා

කිරි උතුරන ලංකා...

නිදහස් අධ්‍යාපනයෙන් දරුවන්
හට ඉඩ සැලසෙන්නා
නිදහස් නව ඔබ දින දින දියුණුව
බලා ඉහළ යන්නා

කිරි උතුරන ලංකා...
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.