Home/Songs/ශ්‍රී ලංකා

ශ්‍රී ලංකා

Sri Lanka Kollo Wasai

Font size:
ශ්‍රී ලංකා කොල්ලෝ වසයි
යකඩ බෝල දෙකට පලයි
එක පාරක් අපි දුන්නා බැටේ
මේ පාරත් අපි දෙනවා බැටේ...

ජයවර්ධන ජය මග පෙන්නයි
සංගේ අපේ ලෝකෙම හොල්ලයි
ජයසූරිය ජය කොඩි නංවයි
අතපත්තූ වැඩේ පත්තු කරයි...

මුත්තයියට මුළු ලොවම බයයි
චමින්ද වාස් විකට් පොලු ගලවයි
දිල්හාරයි, ලසිත් මාලිංගයි
එවන පන්දු වෙඩි සැර පරදයි...

ශ්‍රී ලංකා කොල්ලෝ.....
ශ්‍රී ලංකා... ශ්‍රී ලංකා...//

උපුල් සමඟ චාමර සිල්වයි
තිලකරත්න, මහරූෆ් නියමයි
අර්නෝල් ඩයි, බංඩයි සෙට් වෙයි
ෂුවර් තමයි කප් එක උස්සයි... 

වාද බේද හැම අත් හරිමු
එක කොඩියක් යට එකතු වෙමු
එකම සිතින් ජය හඬ නගමූ
ලංකාවට අපි ජය පතමු...

ශ්‍රී ලංකා... ශ්‍රී ලංකා... ශ්‍රී ලංකා... ශ්‍රී ලංකා...
ශ්‍රී ලංකා කොල්ලෝ...///

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.