Home/Songs/සොරාගත්ත කේජු කෑල්ලක්

සොරාගත්ත කේජු කෑල්ලක්

Soragaththa Keju Kellak

Font size:
(සොරාගත්ත කේජු කෑල්ලක් කටේ තියන්
කපුටෙක් ගොස් කැලේ ගහක වැහුවා සංතොසින්
කපටි රජා නරියා ගහ මුල හිටියා බලන්
කපුටව රවටන්නම් කේජු කෑල්ල කන්නම්.....//)

මේ බලන්න මේ පක්ෂියා හරිම ලස්සනයි
අත්තටු දෙක රිදියෙන් කළ කැටයමක් ලෙසයි
රවුම් ඔළුව දෙනෙත මැණික් කැට දෙකක් වගෙයි
කකුල් දෙකයි ලස්සන හොට රන් පරාද වෙයි
ඔබගේ රූපය මේ තරමට ලස්සන නම්
කටහඬ මිහිරියි කියාලා කිය යුතුද ඉතින්
ලස්සන කටහඬ මට අහගන්න ලැබුණොතින්
මේ ලොව එකම පින්වතා විය හැකි මං
අනේ මෙන්න පින් ඇති ලස්සන පක්ෂියා
ඔබේ මිහිරි හඬ ඇසුවොත් පින්වතයි එයා
ඔය දිලිසෙන කට හැර එක වචනයක් කියා
මා සනසනු මැන ආදරණිය මිත්‍රයා.......

නරියා කපටි බව කපුටා දැන සිටියා 
හොටේ තිබෙන කේජු කෑල්ල අත්ත උඩ තියා
කකුලෙන් එය තද කරගෙන බිම වැටෙයි කියා
කීප විටක් නාද කෙරුවා කාක් කාක් කියා
දෙන්න දෙයක් නැහැ මගේ වරුණාව කිව්වට
පුරාණේ හිටි කාක්කෝ රැවටුණේ ඔව්වට
ලැජ්ජා හිතිලා වගෙයි අනේ කරලා විහිළුවක්
මං කොළඹ කාක්කෙක් නරියෝ කොළඹ කාක්කෙක්.......

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.