Home/Songs/බඹරින්දු මමයි ගී සින්දු තමයි

බඹරින්දු මමයි ගී සින්දු තමයි

Babarindu Mamai Gi Sindu

Font size:
බඹරින්දු මමයි ගී සින්දු තමයි
මල් වටකර මං මුමුණන්නේ
නෑ ඉන්න හිතක් මට එකම මලක් ලඟ 
රූබර මල් හිනැහෙන්නේ....//

මල් මන්දබිසව් වැනි කුන්ඩ සමන් මල්
මග තොටදී හමුවන්නේ
බැහැ ඉන්න තවත් මට එකම මලක් ලඟ
මගෙ හිත නෑ වාවන්නේ....//

මකරන්ද සුවඳ දෙන නන්දන මල් මත 
මුදු සුවඳයි ඉතිරෙන්නේ
රොන් රැගෙන සෙමින් වින්දද විලසින්
මල් ඔතලා මං හිනැහෙන්නේ....///

මල් පිපෙන තුරා මුදු සුවඳ විදා 
බඹරුන්ගෙ පහස පතමින්නේ
සුව පැතූ මලින් රොන් ගත් පමනින් 
රොන් වින්ද බඹරු දොස් ගන්නේ...///

බඹරින්දු මමයි....///

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.