Home/Songs/ලඟ ඉන්න පැතුවාට මට ලං වෙලා

ලඟ ඉන්න පැතුවාට මට ලං වෙලා

Laga Inna Pethuwata

Font size:
ලඟ ඉන්න පැතුවාට මට ලං වෙලා
ඉඩ දෙන්න බෑ හිතේ ඉඩ ඇහිරිලා
පෙම් සිහිනේ රැදුනාට මා එක්කලා
ලං වෙන්න බෑ ඔබව තහනම් නිසා.....//

නිල් දෑසෙ රැදිලාම උන්නත් හොරා
එක් වෙන්න බැරි බැව් නොදනී ඔයා
තහනම් මලක සුවද ගන්නට නෙලා
දැන් පල නොවෙයි තවත් තුරුලක් පතා...........

පෙම් හැගුම් ගැලුවාට රහසේ නුරා
සගවා තියාගන්න කාටත් හොරා
ඔබ දන්නවා නේද මා හිමි කෙනා
මා හිමි එයාටයි නෙතු පියෙනා තුරා..

ලග ඉන්න පැතුවාට....................

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.