Font size:
ලස්සන අඹ ගසක් සොයාලා ලස්සන කූඩුවක් සදාලා ලස්සන කිරිල්ලී මෙ මාගේ ආවේ එක්ක යන්න මං // සදාපු කූඩුව මං මුලදි කැඩී බිඳී සිඳී ගියා ඒ හින්ද තව එකක් සදාලා ආවේ එක්ක යන්න මං ඒ වාගේ සැඩ සුළං ඇවිල්ලා යයිද මේ කූඩුවත් කැඩීලා ඔබ මාගේ ළඟ ඉන්නවානම් සෝකෙත් සැපක් සේ දැනෙයි ලස්සන අඹ ගසක් සොයාලා.. රසබර පල වැල නෙලාලා කූඩුව වෙතට ගෙන ඇවිල්ලා ඔයාගෙ ළඟ ඉඳන් කවන්නම් ලස්සන කිරිල්ලී මෙ මාගේ උදෑසනෙන් මම පිබිදීලා පෙම්බර ගීතයක් ගයාලා ඔයාගෙ සිත තුටින් තබන්නම් ලස්සන කිරිල්ලී මෙ මාගේ ලස්සන අඹ ගසක් සොයාලා..
Singers
Data
Last updated May 2026