Home/Songs/වැස්ස නුඹ වගෙයි

වැස්ස නුඹ වගෙයි

Wassa Numba Vageyi

Font size:
වැස්ස නුඹ වගෙයි //
මගේ හිත තව තෙමන්න ඉඩ හරින්න
එක සැරයක් නුඹ තෙමන්න
වැස්ස නුඹ වගෙයි

ඉඩෝරය යළි ඉරිතලා හිත
අනේ පිපි මල් පරවුනා තව
නිවාලන්නට හිතේ ගිනිකඳ
සදා සිසිලස නුඹයි
සදා සිසිලස නුඹම පමණයි

වැස්ස නුඹ වගෙයි .....

හිත සිඹින මුදු සිසිල් පවනේ
දැවටුනේ නුඹේ ලයේ සරයයි
තව තෙමෙන්නට මගේ සෙනෙහෙ ගඟ	
නුඹයි නුඹමයි නුඹම පමණයි ///
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.