Home/Songs/හන්තාන කඳු පෙළ

හන්තාන කඳු පෙළ

Hanthana Kandu Pela

Music: භද්‍රජි මහින්ද ජයතිලක Lyrics: භද්‍රජි මහින්ද ජයතිලක
Font size:
හන්තාන කඳු පෙළ හඳට ආවඩා 
සරසවියට පිණි පොදක් වැටෙනවා 
මගෙ හද මැදුරට අඳුර ගලනවා 
බට්ටිත්තෙක් මගෙ දුකට හඬනවා 

කෝ ඈ කොහිද මගේ රන් කිරිල්ලී 
ඇයිදෝ ගියේ ඉගිල්ලී මා මෙහි හැරදා 
ඈතයි ඔබ ගිය දුර ඈතයි 
නිවහන මගෙ සීතයි එන්න යලි පියඹා 

මා මෙන් තනි වුන බට්ටිත්තෝ 
ගොම්මන් අඳුරට බියවීදෝ 
විරහ ගීය මගෙ ගයනවදෝ 
මා සනසන්නට හදනවදෝ 

පියඹා යන්නට මටනම් බෑ 
ඈ සරසවියට එන්නෙත් නෑ 
ගඟ ළඟ පෙම් මග පාලු වෙලා 
මල් පෙති බොර දියෙ මලින වෙලා 

කෝ ඈ ....
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.