Font size:
නැතිවුණ ආදරයක් වෙනුවෙන් හෙලන සුසුම් අන් හදක වැදී පෑරුණු හදවත් එකිනෙක අමතා කියන කතාවයි මේ... සුදෝ මම ආදරෙයි සුදෝ මම ආදරෙයි සිතින් පලා ගිය එක් ආදරයක් දිහා කඳුළු පිරි නෙතින් බලා ඉන්නා අතරේ තව ආදරයක් වෙත හදවත් දොර විවර කළා සුදෝ මම ආදරෙයි සුදෝ මම ආදරෙයි ආයෙත් නොලැබෙන ආයෙත් නොඑනා ඒ ආදරයට ඉඩ දෙම්දෝ පාළු හදවතට සෙනෙහස පුදනා මේ ආදරයට ඉඩ දෙම්දො සුදෝ මම ආදරෙයි සුදෝ මම ආදරෙයි සෙනෙහස ඉතිරුණු ඒ ආදරයයි සෙනෙහස අයදින මේ ආදරයයි කොහොම කෙලෙස තුරුලට ගම්දෝ ඔබට මම ආදරෙයි ඔබටත් ආදරෙයි ඔබට මම ආදරෙයි
Singers
Data
Last updated May 2026