පිරුණා හද සන්තානේ
Piruna Hada Santane
Music: සරත් විමලවීර Lyrics: බෙනඩික්ට් ප්‍රනාන්දු
Font size:
චිත්‍රපටය : සීගිරි කාශ්‍යප (1966) පිරුණා හද සන්තානේ පිපුනු දෑස මන් මල් යානේ පිපුනු දෑස මන් මල් යානේ මැවුනා සුභ සිහිනේ මැවුනා සුභ සිහිනේ (සීතල සුලඟේ පණිවුඩ ආයේ කෝකිල රජ දහනේ)...// අප නොයිඳුල් පෙම දැක නේද කුමරුනි තුරු හිස මල් පිපුනේ හෝ.... තුරු හිස මල් පිපුනේ වීණාවයි එහි තත වාගෙයි එක ඉත්තේ මල් දෙක වාගෙයි නැළවෙන්නේ මා ඔබ තුරුලේ සිට පොඩි කාලේ මධුරාවී තී හමු වේවී උපමා නැත මට රසකාමී මෙම ලිය ගොමු අපගේ ප්‍රේම විමනයි බොමු අපි ජය පානේ පෙම් ලොව.. බොමු අපි ජය පානේ පිරුණා හද සන්තානේ.... ඉතින් ගයනු මැන සංගීතේ දිය ඇල්ලයි අප සංගීතේ සංගීතේ වේවා ඔබගේ නයනා රූපේ සංගීතේ ඔබගේ නයනා රූපේ ජීවන ගීයේ.. ජීවන ගීයේ.. පිරුණා හද සන්තානේ.... (සීතල සුලඟේ පණිවුඩ ආයේ කෝකිල රජ දහනේ)...// අප නොයිඳුල් පෙම දැක නේද කුමරුනි තුරු හිස මල් පිපුනේ හෝ.... තුරු හිස මල් පිපුනේ පිරුණා හද සන්තානේ....