මඟ බල බලා
Maga Bala Bala
Music: ආර් මුත්තුසාමි Lyrics: බෙනඩික්ට් ප්‍රනාන්දු
Font size:
චිත්‍රපටය: රම්‍යලතා (1956) මඟ බල බලා ඇතිය මගෙ සුදා සුකොමළ සිරියා ප්‍රේමෙන් සනසන්නටා අඳුරට පෙර යමි ලහි කරලා // පිපි මල වගේ වුවන දිලිසෙනා ප්‍රේම සුගන්දේ දස අත විහිදා // ඒ පෙම් කුසුමේ මධු රස උරනා බිඟු රජ ලෙස මම යමි පියඹා මඟ බල බලා ඇතිය මගෙ සුදා.. මා ප්‍රේම රැජිනී මා දුටු විගසිනී ලැජ්ජාවේ සැඟවී ඉඟි බිඟි පාවී // නාඹර දෙතොලේ පෙම් පැණි ඉතිරේ රොන් ගන්නට බිඟු ලෙස යමි පියඹා මඟ බල බලා ඇතිය මගෙ සුදා.. බැඳි සෙනහසේ ළදරු වයසෙදී වැඩුණි හදේ දින දින මෝරා // ඒ සිරියාවී මාගෙ මනාලී දකිනට බිඟු ලෙස යමි පියඹා මඟ බල බලා ඇතිය මගෙ සුදා..
Singers
Data
Last updated May 2026