අහන් ඉන්න
Ahan Inna
Music: රුවන් වල්පොල Lyrics: සෝමලතා හේරත් මැණිකේ
Font size:
අහන් ඉන්න, අහගෙන ඉන්න මගෙ හිත මොනවද මුමුණනවා යාය පුරා නෙක නෙක පාටින් මුදු මල් පෙති ඇහැරෙනවා පොද වැස්සක සීතල ඇවිදින් හිතට එබෙනවා කෝඩුකාර මල් රේණු අගින් සුවද බෙදනවා ඒ සුවදින් මගේ හුස්ම රටා මවනවා අහන් ඉන්න, අහගෙන ඉන්න මගෙ හිත මොනවද මුමුණනවා සිලි සිලියේ හමන සුළඟ කොඳුරන්නෙ අපටමයි සතුට මිසක දුක මොකටද සෙනෙහස මහමෙරයි අමාවකේ දුක දුරලන දහසක් තරු කැට නුඹටයි ඒ එළියෙන් දැල්වෙන ලෝකය මටමයි මගෙමයි අහන් ඉන්න, අහගෙන ඉන්න මගෙ හිත මොනවද මුමුණනවා//