Home/Songs/මහත්තයෝ මම දන්නවා නුඹේ කඳුලක බර

මහත්තයෝ මම දන්නවා නුඹේ කඳුලක බර

Mahaththayo Man Dannawa Numbe Kandulaka Bara

Font size:
මහත්තයෝ මම දන්නවා නුඹේ කඳුලක බර
මහත්තයෝ මට දැනෙනවා නුඹේ සුසුමක තෙත
ඈත් වෙලා ඉන්නට බෑ මට නුඹ මඟ හැර
හොරෙක් වෙලාවත් ඇවිදින් අරන් යන්න මම

ඈත් වුණාමයි දැනුන් නුඹේ පෙම්බර බව
කාත් කවුරුවත් නෑ අද හදන්න ඒ හිත
පිඩෙන් පිඩ අනා නුඹ මට කැවු බතේ රස
දැනෙන්නෙ මට ජිවිතේම වැරදුනු හින්දද

මහත්තයෝ මම දන්නවා ....

තාත්තෙක් වගේ අර නුඹ අතගෑ මගෙ හිස
තෝන්තුවාවෙන් පෙලෙනවා දෙවියොත් නෑ ළඟ
සැරෙන් වගේ නුඹ කී දෑ හරි මිහිරියි අද
මැරෙන්නවත් ළඟට එන්න ඉඩක් නැතිද මට

මහත්තයෝ මම දන්නවා ....

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.