Home/Songs/සමනල පාලම අද්දර

සමනල පාලම අද්දර

Samanala Palama Addara

Font size:
සමනල පාලම අද්දර සමනලීගෙ අත අරගෙන
ගාලු කොටුව දිහා බලං ඉන්නට ඇත්නම්
පාට පිරුණු හැන්දෑවට සමනල හීනය දකිද්දී
ප්‍රේම සිතට සීත සුලඟ ගෙනේවි මනරම්

සයුර රැල්ල හාදු පුදන රූමස්සල කන්ද දිහා
රූ මැදියම වෙන තුරාම බලා ඉඳිමුද
අසුරු සැනකි ඒ කාලය ප්‍රේමාතුර සිතට අපේ 
සරා සඳට අපෙ තනියට ඉන්න කියමුද

සීනිගම දෙවොල් වැලි බිම අපේ ප්‍රේම කව ලියන්න
පයින්ම අපි ගාට ගාට ඇවිදන් යමුද
ඒ දුර මහ දුරක් නොවෙයි පාරමිතා පුරන අපට
පොද වැස්සට අපිත් එක්ක ඉන්න කියමුද

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.