දූවිල්ලෙන් තිලක තියන්න
Duuwillen Thilaka Thiyanna
Lyrics: රත්න ශ්‍රී විජේසිංහ
Font size:
දූවිල්ලෙන් තිලක තියන්න උපන් බිමේ දූවිල්ලෙන් තිලක තියන්න කිරුළ යටින් ඔබේ අතින් සිරස පැලැන්දුව මගෙ නළලත තිලක තියන්න ප්රිය සාද කොපුල් කඳුළු සුසුම් හුරු මට ගම්දොර මල් පෙති සීතල නෑ දෙපයට පෑගනු ගින්දර කිරුළ මොටද සිරස නොවෙද ඔටුන්න අප ඔටුන්න අප ලද ඔටුන්න මා ලද ගංගාව පෙරට ගලා ගියත් උල්පත පසුකර ඒ උල්පත ළඟ දණ නමන්න මට ඇති අවසර අප කාට ගයන්නද මේ ගී අපෙ ලොව අයිති ඔබට මිස මගෙ ලොව අයිති ඔබට මිස
Singers
Data
Last updated May 2026