ලබැඳියේ (ඔබ එන්න සුළඟේ දැවටිලා)
Labandiye (Oba Enna Sulage Dawatila)
Music: ලහිරු පෙරේරා Lyrics: මනුරංග විජේසේකර
Font size:
ඔබ එන්න සුළඟේ දැවටිලා මා ඉන්නේ ඔබ දැන් එයි කියා සුදු හංස තටුවේ සැතපිලා පෙම් කරමු රහසේ සැඟවිලා ලබැඳියේ.. ලබැඳියේ.. මා සිතුම් සිරකලා ලබැඳියේ.. ලබැඳියේ.. මා සිතින් පෙම් කලා නා දල්ල වාගේ දිදුලනා මුතු හාදු වැස්සෙන් මා තෙමා ඔය දෙතොල් අතරේ සිර වෙලා මට ඉන්න ඇත්නම් තනි වෙලා ලබැඳියේ.. ලබැඳියේ.... කිරි කවඩි මාලේ මා ගොතා ඔය ගෙලේ පළඳා හැඩ බලා මා වින්ද සතුටේ නිම් සොයා ඔබ යන්න සුළඟේ අප තමා ලබැඳියේ.. ලබැඳියේ....