Home/Songs/අනාවැකියක්

අනාවැකියක්

Anawakiyak

Music: අරුණ ගුණවර්ධන Lyrics: අචල සොලමන්ස්
Font size:
අනාවැකියක් කියනවානම්
ආදරේ වෙනුවෙන්
සිනා දහසක් පිපෙනවා ඇත
මගේ වෙනවානම්//

මලෙහි අවසර ලැබෙන තුරු 
මල් පෙතිම විඳි බඹරුන්//
මම වෙමිය සොඳුරියේ//
එනයින් ඔබ පිපේ සුවඳින්

සඳෙහි අවසර ලැබෙන තුරු
සඳ දියම විඳි කුමරුන්//
මම වෙමිය සොඳුරියේ//
එනයින් ඔබ දිලෙයි සතුටින්

අනාවැකියක්...//
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.