Home/Songs/මහා නගර මැද

මහා නගර මැද

Maha Nagara Mada

Music: දර්ශණ වික්‍රමතුංග Lyrics: රඹුක්කන සිද්ධාර්ථ ථේර
Font size:
මහා නගර මැද වහා ඉගිල යන
යාන වාහන සේ
දුවයි මිනිසා මහා කලබලයෙන්
සොයන්නේ මොනවාද නොදනිමි
ජීවිතේ වෙනුවෙන්........

තාරුකා කඳුලින් තෙමන්නට
දෙන්න බෑ කිසිදා ඉඩක්
රෑ දිවා නොබලා වෙහෙස වෙමි
මියෙන්නට නෑ මට ඉඩක්

වයස්ගත මගේ මව්පියන් හට
පොවන්නට ඔසු පැන් බිඳක්
වෙහෙස විය යුතු හොඳම කාලය
රකින්නට මතු පරපුරක්

අනාථව අසරණව ඇවිදින
දුප්පතුන් හට නව පණක්
බෙදා දීමයි පරම යුතුකම
බුදුන් වැඩි රට පින් බිමක්.....
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.