Home/Songs/ඔයා දිනන්නේ නෑ

ඔයා දිනන්නේ නෑ

Oya Dinnane Na

Music: චතුරංග වර්ණසේකර Lyrics: චතුරංග වර්ණසේකර
Font size:
ඔයා දිනන්නේ නෑ ආදරේ මගේ
මුලාවේ යන්නේ නෑ ජීවිතේ මගේ
ආදරේක වේදනාව ආයේ ඕනේ නෑ මට නම්
ප්‍රේමවන්තියෙක් වෙලා සුසුම් හෙලන්න ඕන නෑ මට නම්...

ආදරෙන් ළංවෙලා වේදනා වින්දෙමි
දිව්රලා කියන්නෙමි මා ඔබේ නොවෙන්නෙමි
ආදරේ වේදනා මා හැඳින්නෙමි...

(දුටුවා හීනයක් මං ආදරේ නමින්
හීනයක්ම වූ කිසිදා සැබෑ නොවූ...//)
ජීවිතේ වේදනා සාගරේ මා මරන්න වූ
මට ආයෙමත් පරදින්න බෑ ආදරෙන්...

ආදරෙන් ළංවෙලා...

(මා නෙතින් මිදී ඔබ යන්න මා ප්‍රියේ
සැබෑ වෙන්නේ නෑ ඔය ආදරේ සිතුම්...//)
ජීවිතේ ඔබ පතා කව්රු හෝ මේ ලෝ තලේ ඇති
සුභ ප්‍රාර්ථනා කරමි මගේ හදවතින්...

ආදරෙන් ළංවෙලා...//
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.