Home/Songs/මගේ දරු පැටව් අහසට දෑත දිගු ක‍රන්

මගේ දරු පැටව් අහසට දෑත දිගු ක‍රන්

Mage Daru Petaw

Font size:
මගේ දරු පැටව් අහසට දෑත දිගු ක ‍රන්...
අම්මා එයි කියා ගමටම හඩ තලයි වැරෙන්...
සින්න වෙන ඉඩම මට ගොඩ ගන්න බෑ ඉතින්...
යන්න නුබ ගියා උකසට දරු සෙනෙහෙ අරන් ...//

ඇහැල මල් පිපුන දෙවැටදි හමුවෙලා එදා.. 
දුන්නු බහ නිසා ඔබටත් දුක උරුම  වුනා..//
අහස් යන්තරේ ගේ පැල පහු කරන් ගියා..
පුන්චි උන් හඩයි අම්මා බැස්සෙ නෑ කියා..

මගේ දරු පැටව්...................

කන්න බෑ කියයි බත් ගුලි ලොකු වැඩී කියයි...
නින්ද නෑ කියයි මගෙ කවි තාලෙ නෑ කියයි...//
මටත් නින්ද නෑ සිත නුබ ගැනම ගතු කියයි..
හඩන සිත නිවන මල් පැනි නැතිව බැරි හැඩයි..

මගේ දරු පැටව් අහසට දෑත දිගු කරන්.. 
අම්මා එයි කියා ගමටම හඩ තලයි වැරෙන්..
සින්න වෙන ඉඩම මට ගොඩ ගන්න බෑ ඉතින්..
යන්න නුබ ගියා උකසට දරු සෙනෙහෙ අරන්..

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.