Font size:
සිනහවයි කඳුලයි සදා ලෝකයේ බල දෙක මහා සිනාසී හැඬුවත් හඬා සිනා පෑවත් එක තමා සුදෝ පොඩ්ඩක් අඬන්න හරිම ආසයි බලන්න ඔයා ලස්සන අඬන විටදී කඳුළු බිඳුවක් හෙලන්න // ඔයා හෙළු කඳුලැලි අගේ ගලන විට කම්මුල් දිගේ // දිමුතු මුතු වාගේ පෙනෙන්නේ ලස්සනක් නැහැ ඔය වගේ සුදෝ පොඩ්ඩක් අඬන්න.. බොරු කියා ඔබ හැඬෙව්වත් ලපටි හදවත රිදෙව්වත් // මගේ ආලය මමයි දන්නේ නැහැ වෙනස්කම් සිතින්වත් සුදෝ පොඩ්ඩක් අඬන්න.. . රත්තරන් අත් දෙක තබා අඬන විට ඔබ ඉකි ගසා // මගේ ආලය තවත් වැඩිවේ තවත් අඬවමි බොරු කියා සුදෝ පොඩ්ඩක් අඬන්න..
Singers
Data
Last updated May 2026