Font size:
සමාව දෙනු මැන සමාව දෙනු මැන වරදක් වූවානම් සිත රිදවන්නට ඔබ හඬවන්නට සිතුවේ නැත මා නම් // විසකුරු මිනිසුන් ඇසුරින් මිදිලා අව්වේ වැහි පින්නේ කිරි දරුවෙකු මෙන් උණුසුම් වෙන්නයි ඔබ වෙත මා එන්නේ ඔබ නොබැලුවොතින් සෙනෙහසකින් මගේ සිත් සුවපත් කරලා කොතැනක යන්නද කාට කියන්නද අත් දෙක දික් කරලා // සමාව දෙනු මැන ........... ඔබ මගේ හදවත් කුසුම පුබුදුවා ඔය පාමුල රන්දයි කොයික කියන්නෙත් කොයික කරන්නෙත් ආදරේ වැඩි හින්දයි ඔබ මගේ හදවත් කුසුම පුබුදුවා ඔබ පාමුලේ රන්දයි කොයික කියන්නෙත් කොයික කරන්නෙත් ආදරේ වැඩි හින්දයි // සමාව දෙනු මැන ........
Singers
Data
Last updated May 2026