Home/Songs/කඳුළු ලියකම් ඇන්දා

කඳුළු ලියකම් ඇන්දා

Kandulu Liyakam Anda

Font size:
 කඳුළු ලියකම් ඇන්දා සිත්තම්
ඔබගෙ රුව මනරම්
කඳුළු කළ ලියකම්
මැකුවේ ඒ කඳුළින්

හඩන හැඩුමන් අසා ගනු බැරිවී
සඳ ගියා දුර වළාවක නොපෙනී
සුසුම් සුවඳක මතක තනිකාවී
රිදනු හදවත දවයි ගින්නක් වී

කඳුළු ලියකම් ....

දුරින් දුර ඔබ ගියත් සුසුමක් සේ
සුවඳ අරගෙන යන්නෙපා රහසේ
අතීතය දුක් හිනයක් වාගේ
ප්‍රේමයේ කවි අදෝනා රැව්දේ

කඳුළු ලියකම් .....

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.