Home/Songs/බඹරෙක් ඇවිල්ලා (දෙවනි ඉනිම ටෙලි නාට්‍ය ගීතය)

බඹරෙක් ඇවිල්ලා (දෙවනි ඉනිම ටෙලි නාට්‍ය ගීතය)

Bambarek Awilla (Deweni Inima Teledrama Song)

Font size:
බඹරෙක් ඇවිල්ලා 
කුසුමක් සොයාලා 
මේ මල් වනේ හැංගුනා
සුළඟක් හමාලා 
සුවඳක් ගෙනල්ලා 
මල් පීදිලා හිනැහුණා...

හද මල් ගාවා රහසක් පෑවා 
රහසින් කී ආදරේ 
හද කිති කවා... 
බඹරිඳු ආවා සෙනෙහස පෑවා 
දැනුණා හිතට දැනුණා 
වෙලුණා දෙහද වෙලුණා 
ආදරේ... 

තුරුලේ රැඳෙන්නම් 
සිහිනේ සරන්නම් 
හසරැල් මුවේ නංවලා 
ගීයක් වෙලා මං 
තාලේ වෙලෙන්නම් 
හිරිමල් කෙමේ මත් වෙලා... 

(හද මල් ගාවා රහසක් පෑවා 
රහසින් කී ආදරේ 
හද කිති කවා... 
බඹරිඳු ආවා සෙනෙහස පෑවා 
දැනුණා හිතට දැනුණා 
වෙලුණා දෙහද වෙලුණා 
ආදරේ...///) 
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.