මධුර යාමේ
Madura Yame
Music: ආර් මුත්තුසාමි Lyrics: කරුණාරත්න අබේසේකර
Font size:
මධුර යාමේ සුවදේ සාමේ // සිනහ වීලා එන්න රෑ මේ ප්‍රේම නදියේ පිහින පීනා එන්න රෑ මේ හෝ තරු සිනා සේ දෙනෙත පොපියයි // මසිත පිබිදී සතුට රජවෙයි ප්‍රේම නදියේ පිහින පීනා එන්න රෑ මේ හෝ සුසුදු හංසයො විලෙහි සරතී රසය ඇති තැන් කොහොද සොයති // දෑත විහිදා එන්න අඳුරේ උන්ව අල්ලා ගන්න මිහිරේ අතට අක දී හිතට හිත දී // රැල්ල විලසේ එන්න පෙරලී ප්‍රේම නදියේ පිහින පීනා එන්න රෑ මේ හෝ සීත සුවදේ හමන පවනේ රෝස සුවඳයි ඔබගෙ සෙවණේ // අඳුන් දෙනුවන රස ගෙනාවේ සඳුන් සිසිලයි ඔබෙ සිනාවේ ඈත සඳ ඒ බලනවානේ // ඉන්න හොඳ නෑ යන්න ඕනේ ප්‍රේම නදියේ පිහින පීනා එන්න රෑ මේ හෝ
Data
Last updated May 2026