Font size:
හන්තාන කඳුවැටිය එදා වාගෙයි අදත් මහවැලිය පුරුදු සේ ගලා යාවී හෙටත් සරසවියේ තුරුවදුලු මිලිනව නෑ තවත් ඒත් අද කුමරියේ ඔබ කොහෙද මම කොහෙද එදා අප පෙම් වදන් දෙඩු ලිය මඩුළු යට පෙම්වතුන් පෙම් වදන් දොඩනවා අප සමග නිදා සිටි අවන්හල දෙසුම්හල පුරුදු සේ බලාගෙන ඉන්නවා හන්තාන කඳුවැටිය..... මේ බිමේ සැඟව ඇති සිව්වසක අතීතය යලි යලිත් මතකයට නැගෙනවා මහත් වෙහෙසක් දරා සඟවන්න තැත් කරත් නෙතු අලට කදුළු බිංදු නැගෙනවා හන්තාන කඳුවැටිය.....
Singers
Data
Last updated May 2026