Home/Songs/මා සිත අවදි කරන්

මා සිත අවදි කරන්

Ma Sitha Awadi Karan

Font size:
මා සිත අවදි කරන් ඔබ මා ළඟට ඇවිත්
තාරුණ්‍යය ගලා එන රාත්‍රියේ යනවද බිඳිමින්
ආවර්ජනා ........ආවර්ජනා ........
මා දැහැන් මුදනා

හීතලට ගුලි චෙව්ව උණුහුමට ළංවෙවී
හදවත් ගීතයේ තනුව කියාදුන් ළමයෝ
රැය පහන් කරන්නට හිත ඉඩ නෑ
ඔබ මා ළඟට ඇවිත්

රූස්ස ගස් හෙවණේ හරිත උද්‍යානයේ
මතකයේ සැරිසරා රිද්මය දුන් සමනලියේ
සමුදෙන්නට මේ රැය ඉඩ නෑ
ඔබ මා ලඟට ඇවිත්

මා සිත අවදි කරන් ....

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.