Font size:
විඳගන්න සඳ සිසිල සිත්සේ නුඹ එන්න සිහිනයට රහසේ මේ පාළු රෑ මට පාළු නොදැනේ නුඹ ඒවි නම් සඳ සාවි පායා වළාකුළු ඉරාගෙන සඳ ඇවිත් යහන මත තනි ඇඳේ සුසුම්ලන හද ගිමන් නිවයි නම් මේ පාළු රෑ මට පාළු නොදැනේ නුඹ ඒවි නම් සඳ සාවි පායා සඳවතිය වෙලා නුඹ සිරි යහන පුරාවට රඟ දෙමින් මගේ ලඟ සිත උමතු කරයි නම් මේ පාළු රෑ මට පාළු නොදැනේ නුඹ ඒවි නම් සඳ සාවි පායා විඳගන්න සඳ සිසිල සිත්සේ ....
Singers
Data
Last updated May 2026