මම හීනයක්
Mama Heenayak
Music: නලින් පෙරේරා Lyrics: මධුෂානි සාරුකලි
Font size:
මම හීනයක් ඔයා තරු කැට ගැන්නා නුඹ හීනෙකින් වගේ මගේ හිතේ රැඳුණා සංසාර මග දිගේ අපි පියමැන්නා හීනයෙන් හීනයට නුඹ හුස්ම දුන්නා........ ඔය නෙතු අස්සේ හැංඟෙන්නම හිතුණා ඔබේ හිත මත්තේ මගේ හීනය පිපුණා වල ගැහෙන කම්මුලේ ආදරය දැනුණා මට දෙන්න ජීවිතේ නුඹ ළඟ තිබුණා........ නෙත කඳුලැල්ලේ උරතලය පෙඟුණා දඟ කෙහෙරැල්ලේ හිත පියාසැලූවා මුදු අතැඟිල්ලේ දෙහිතක් ගැට ගැහුණා තනි පාට ජීවිතේ නුඹ පාට කෙරුවා....... මම හීනයක්........ (හීනයෙන් හීනයට නුඹ හුස්ම දුන්නා........///)