Home/Songs/ඔබ දුටු ඒ මුල් දිනේ

ඔබ දුටු ඒ මුල් දිනේ

Oba Dutu E Mul Dine

Music: මලින්ද ලෝ Lyrics: චන්ද්‍රා දේවාදිත්‍ය
Font size:
ඔබ දුටු ඒ මුල් දිනේ සිදු වූ සැම දේ
තවමත් මගේ මතකයෙහි රැදේ
නෙත් යුග මා දෙස යොමා මගේ මියුලැසියේ
කුමක් කියන්නටද සැරසුනේ...

කාගේ කවුරුද කොතැනක සිටිනවද ඔයා
කෙලෙසද මා එය දැනගන්නේ
කවදා කොයිබදී යලි හමුවේවිදැයි කියා
පැනයකි මා සිත පාරන්නේ...

ඔබ දුටු ඒ මුල් දිනේ...

කැටිකොට ගුවනට මුසුකොට මගේ රස හැගුම්
ඔබ වෙත ගීයකින් එවන්නම්
මතු දිනයක මගෙ දෙනෙතට ඔබ හමුවේ නම්
එදින නැවත මා හිනැහෙන්නම්...

ඔබ දුටු ඒ මුල් දිනේ...

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.