Font size:
සරුංගලේ උඩ අහසේ පාවී යනවා ඉද්ද ගහේ මල් පිපිලා සුළඟේ වැනෙනවා මාත් එක්ක පොඩි නංගී බලා ඉන්නවා මේ වාගේ අපට නෑනේ කියලා හිතෙනවා..... දෙවැට දිගේ පොඩි හඳයා පැන පැන යනවා පුංචි මාළු වරල් සලා පීනා යනවා මාත් එක්ක පොඩි නංගී බලා ඉන්නවා මේ වාගේ අපට නෑනේ කියලා හිතෙනවා..... සෙල්ලම් බත් උයන්න මට එපා කියනවා ගම් දෑලේ දුව පනින්න එපා කියනවා වෙල් එළියේ දඟ කරන්න එපි කියනවා එපා එපා එපා කියන කියුම් නිතර ඇහෙනවා..... මට ආසයි මලක් වෙලා සුවඳ ගෙනෙන්න වළාකුලක් වගේ අහසේ පාවී යන්න ගහට වැලට කුරුල්ලන්ට කතා කරන්න අපිට අපේ පුංචි ලෝකේ ඉන්නට දෙන්න..... සරුංගලේ උඩ අහසේ.....
Singers
Data
Last updated May 2026