Home/Songs/දස මසක් පුරා

දස මසක් පුරා

Dasa Masak Pura

Font size:
දස මසක් පුරා මා නුඹගේ කුස දරා
ලේ කිරෙන් පොවා මා හදෙහී පණ පොවා
ගං දියට මෙමා දෑතින් නුඹ විසි කළා
කෑ මොර දුන්නත් අම්මා මා හැර ගියා
කෑ මොර දුන්නත් අම්මා මා හැර ගියා

වතුර පෙවී හුස්ම ගන්න බැරි උනා
මරන බයෙන් ගොඩට එන්න වෙහෙසුනා
අවසන් මොහෙතෙත් අම්මව සිහි උනා
ඔබේ පුතා ගං පතුලට බිලි උනා
ඔබේ පුතා ගං පතුලට බිලි උනා

දස මාසේ ගාථාවේ පද කියා
මම වැන්දා මගෙ අම්මෙ නුඹේ දෙපා
විසි කරනා මොහෙතේ වතුරට මෙමා
සිහි වූයේ නැතිදෝ ඒ මා කියා
සිහි වූයේ නැතිදෝ ඒ මා කියා

පන්සලකට දුන්නා නම් ඔබේ පුතා
සිවුරු දරා සඟ රුවනක් වී සදා
අම්මාවත් සසරින් එතෙරෙට තියා
සනසනවා අකලට පරවී නොයා
සනසනවා අකලට පරවී නොයා
සනසනවා අකලට පරවී නොයා
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.