Font size:
සත් සමුදුර තරණය කොට - දුරු රටකට වඩින්නියේ මගේ හිතයි මගේ හදයි - ඔබත් සමග රැගෙන යන්න එරට නුහුරු පරිසරයෙක - විලාසිනියෙ ඔබ තනි වේදෝ එවිට සිතනු මැනවි ලියේ ඔබෙ තනියට හිතක් ඇතේ - ඔබෙ තනියට හදක් ඇතේ එරට මහරු විසිතුරු මැද - මෙරට ඔබට අමතක වේදෝ එසේ වුවොත් නොපැතු ලෙසේ මට ඉන්පසු හිතක් නැතේ - මට ඉන්පසු හදක් නැතේ
Singers
Data
Last updated May 2026