Home/Songs/හැම දෙයක් පෙනේ (ඝරසරප චිත්‍රපට ගීතය)

හැම දෙයක් පෙනේ (ඝරසරප චිත්‍රපට ගීතය)

Hama Deyak Pene (Gharasarapa Movie Song)

Music: චින්තක ජයකොඩි Lyrics: ජයන්ත චන්ද්‍රසිරි
Font size:
හැම දෙයක් පෙනේ එක දෙයක් වගේ 
මම විඳිමි සෙනේ මහා මෙරක් වගේ 
ඔබ යමින් නතර උව ගුවන් තලේ 
මම සෙමෙන් සෙමෙන් එමි 
නිසංසලේ 

මල් පිපෙන මහා කැළය මනරම් 
වැසි වැටෙන වැලි කතර සුපසන් 
තරු ගිලින කළු කුහර වුව 
පිරිනමයි මිතුදම්  
පිරිනමයි මිතුදම්

හැම දෙයක් පෙනේ....

භව සසර අතරමග සිටියෙම් 
ඔබ ලබන උරුම හැම සතුවෙම් 
රළු සරින් පැමිණියද 
ඔබම වේ මට සැනසුම් 
මට සැනසුම්

හැම දෙයක් පෙනේ....
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.