Font size:
පෙති ගිලිහි ගිය මල නුඹදෝ සයුරේ සැගවුනු රළ නුඹදෝ වලාවකින් වැසි සඳ නුඹදෝ මේ ලොව දිවි කතරේ ...// මුකලිත මලක් වෙලා පෙති ගිලිහුනාට කම් නෑ විසල් සයුරේ රළ විලා සැගවී ගියාට කම් නෑ අමාවකේ සඳ වී නොපෙනී ගියාට කම් නෑ සෙනෙහස නොලද නිසා වෙන් වුනාට කම් නෑ පෙති ගිලිහි ගිය .../ එකම එක මලක්දෝ මේ ලෝකය මත පිපුනේ එකම එක රළක්දෝ මේ මහ සයුරේ නැගුනේ එකම එක සදක්දෝ වලාවකින් වැසුනේ එකම එක රුවක්දෝ මා අභිමුව රැදුනේ පෙති ගිලිහි ගිය ...//