මිනූකා (කැඩුනු සිංහල වදන්)
Minuka (Kadunu Sinhala Wadan)
Music: තරිඳු දම්සර Lyrics: රුහුණුකෙත ධම්මදේව හිමි
Font size:
කැඩුනු සිංහල වදන් කිය කිය දැඩිමුන්ඩ දේවතා වැන්දයි සිනා ගෙන බිම බලාගෙන යන ගමන මට ජීවිතය කැන්දයි මහා උතුවන් කන්ද පාමුල ආලයේ වැට කඩොලු බැන්දයි හිඟුලේ තාමත් ගලා යන්නේ මිනූකා නුඹේ කඳුළු කන්දයි... දෑතේ කරගැට අතර සිරවුණු නුඹේ දෙකොපුල සීරුණා නුරා ඇස් අඩවන්ව පවසයි ප්‍රේමාලිංගන කාරණා පපුව පිරිමැද කොනිති ගැහුවම නුඹේ සෙනෙහස පෑරුණා වේදනාවට හුස්ම දෙන්නේ ප්‍රේමය ම බව තේරුණා... ඉවුරු දෑලේ අඳුරු හවසක නුඹේ හිස මගේ දෙවුරේ නිවුනා එහෙම දවසක දුර බලා දැමු රන් සුරේකත් බලය බිඳුනා ගිනි බටේකට හදි කරන්නට බැහැ කියා ඉරණමේ තිබුණා ඒ නිසා ගෙළ සිරකරන්නට සුදු අතින් තීරණය කෙරුණා... කැඩුනු සිංහල වදන්...