Home/Songs/රැලකින් තනි වී

රැලකින් තනි වී

Ralakin Thaniwi

Font size:
(රැලකින් තනි වී වනමැද සරනා
කැකුලු තුරුණු යාමේ
ඇතෙකුට ඇත් දළ යුවලක් වාගේයි
මට ඔබගේ ප්‍රේමේ.....//)

හබල බිඳී ගොස්
පෙරළුණු ඔරුවක්
ලෙස පාවෙන දිවියේ
රුවල් මසා දී
ගොඩ ගනු රිසියෙන්
වෙහෙසෙන මියුලැසියේ.....

රැලකින් තනි වී...//

තුඩ තුඩ තබමින්
නෙක නෙක පලවැල
කවා පොවා සනහා
පෙරුම් පුරනවද
මතු බුදු වන්නට
මට දී රැකවරණා......

රැලකින් තනි වී...//
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.