Font size:
රෑ වැඩ මුරය අවසන් වන කණිසමට නුඹෙ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට අරුණළු කැරලි වැටෙනා සඳ අළුයමට නුඹේ ලොවට රෑ වෙයි පෙර කල පවට තුන් තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ නිල් එළියටයි පෙති ගෝමර දැවෙන්නේ මල් විය නොවෙද මේ දියකර හරින්නේ මැසිමද හිතද මහ හයියෙන් හඬන්නේ නුඹෙ කඳුලැලිද සයුරේ රළ නඟන්නේ හද සුසුමන්ද පවනක් වී හමන්නේ තනි නොතනියට හෙවනැල්ලද සිටින්නේ ඇඳුමද නුඹේ ජීවිතයද මහන්නේ
Singers
Data
Last updated May 2026