Font size:
ආන් නගේ සල් අත්තේ පාන් කිරිත්තා මේන් බලාපන් හනිකට අඬා පනින්නා හිතම අමුතු වුණා නගේ ඌ තනි හින්දා අයියණ්ඩියෙ ඉගිලුණාද පාන් කිරිත්තා ආන් එතන සල් මල උඩ බඹර පොඩිත්තා අමුතු වුනේ හිත අහවල් දේටද මන්දා රෑන් ඇදී ඇල ඉවුරේ කොක්කු නැගෙන්නේ රටා පුරන සෙවණැලි පෙළ දියේ ඇදෙන්නේ හීන් නගා හෙට මං යන පාර බලන්නා හිරු දෙවියෝ ඉර සේවෙට ඒවි ද මන්දා මිදුල පුරා ඔළිඳ වැලේ ඇට ඉහිරෙනවා කඳුළු බිංදු වෙනුවට මං ඔළිඳ ගණිනවා කොලොම්පුරේ හැන්දෑවට ඉර රට යනවා නුඹ සිහිවී හිත එනකොට ගම රට යනවා
Data
Last updated May 2026