Home/Songs/කවුරුවත් නෑ එගොඩට යන්නට

කවුරුවත් නෑ එගොඩට යන්නට

Kauruwath Na Egodata - Kawruwath

Font size:
කවුරුවත් නෑ කවුරුවත් නෑ 
එගොඩට යන්නට එගොඩට යන්නට
ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ
අඳුර ගලනවා පාරුව ඇතුළට
ළන්තෑරුම කෝ ඔහෙ තිබුනාවේ
කවුරුවත් නෑ කවුරුවත් නෑ.....

දවසින් දවසම පාළම හැදුනා
පාළම් මෝලේ හෙණ හඬ ඇසුනා
කිරල කැළැවේ කුරුලු කොබෙයියන්
ගම හැරදා යන්න ගිහින්.....

කවුරුවත් නෑ කවුරුවත් නෑ 
එගොඩට යන්නට එගොඩට යන්නට....

දෑතේ ඇතැඟිලි හබලට ගෙවුනා
ගෙනියන්නට බැරි මහ බර තිබුනා
මෙතුවක් නොම ගිය බර අද දවසේ
මට හිනැහීගෙන යනවා වාගේ....

කවුරුවත් නෑ කවුරුවත් නෑ 
එගොඩට යන්නට එගොඩට යන්නට
ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ
අඳුර ගලනවා පාරුව ඇතුළට
ළන්තෑරුම කෝ ඔහෙ තිබුනාවේ
කවුරුවත් නෑ කවුරුවත් නෑ....

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.