Font size:
නුඹේ ඇස් මහ රැයේ පොත් දිගේ දුවනවා ඇඟිලි තුඩු රැය පුරා පින්තූර අදිනවා බොහෝ වීරියවන්ත හිතක් මං දකිනවා දුවේ නුඹ මගේ උකුලේ නලවන්න හිතෙනවා නිදි ඇදේ වැතිරිලා සිහින වල අප නිදි අකුරටම නෙතු යොමා අවදියෙන් නුඹ හිදී තරඟයේ ඉදිරියෙන් දුවේ එන විට ඇදී අපට නොව පොත පතට කොතෙක් වැන්දත් මදී නුඹත් එක්කම තමයි නුශත් ඔය දුවන්නේ අපිත් එක්කම තමයි හෙටත් නුඹ හිදින්නේ තාරුකාවක් වගේ අප ළඟ දිලෙන්නේ අහස අල්ලන්න නං නුඹට නෑ හිතෙන්නේ නුඹේ ඇස් මහ රැයේ ........
Singers
Data
Last updated May 2026